අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ වසර ගණනාවක් මුලුල්ලේ වනගතව, අත්දැකීම් ඇති ප්‍රවීණ කුසලතා පිරි ආචාර්යවරුන් ඇසුරු කරමින්, ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙමින් සහ ගැඹුරු භාවනාවේ යෙදෙමින්, බුදුරජාණන් වහන්සේ දෙසූ දහම කවරේද යන්න ප්‍රායෝගික සමීක්ෂණ ඔස්සේ අධ්‍යයනය කලේය. පුරා වසර 15 කට අධික කාලයක් භාවනා කරමින්, අති දුෂ්කර ව්‍යයාමයකින් පසුව බුදුරජාණන් වහන්සේ දෙසූ පරම පිවිතුරු සත්‍යය තම අත්දැකීමෙන් අවබෝධ කිරීමට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ හට හැකිවිය.

ගෙෳතම බුදුරජාණන් වහන්සේ වදාල නිර්මල බුදු දහම කුමක්දැයි සොයා යන පිරිස ඇමතීමට තීරණය කල අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ, තමා ලත් අත්දැකීම් සහ අවබෝධය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

"සිංහල බුද්ධාගම" සහ බුදුන් වහන්සේ වදාළ චතුරාය්‍ය සත්‍ය දහම අතර ඇති වෙනස්කම් මනාව පැහැදිලි කරමින් කල දේශනා කීහිපයක් හේතුවෙන් උන්වහන්සේ පිලිඹදව සමාජයේ කතිකාවතක් ඇතිවිය. උන්වහන්සේගේ දේශනා මගින් කියවෙන්නේ ගෙෳතම බුදුන් වහන්සේ වදාල නිර්මල දහම අප අතර ජීවමානව පවතින බවත්, වීරිය වඩන ඕනෑම කෙනෙකුට සන්සාර ගමනට නැවතීමේ තිතක් තැබිය හැකි බවත්ය. නිර්මළ බුදු දහම අභාවයට යමින් පවතිනවායයි අප සිතන යුගයක මෙවන් දේශනා ශ්‍රවණය කිරීමට ලැබීම අප කාගේත් භාග්‍යයක් මය.

සදහම් කතිකාව

  • Expandable Input

    ආන්ඩුව සහ බුද්ධ දේශනාව යන මැයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රනයේදී අතිපූජනීය මහනුවර වජිරබුද්දි හිමියන් විසින් කරන ලද දේශනය ඇසුරින් රාවය පුවත්පතේ පලකරන ලද සංක්ෂිප්ත සටහන

    බුද්ධාගම බිහිවීම පිළිබඳව කෙටි හැඳින්වීමක් ප‍්‍රථමයෙන් කරන්නම්. මෙය කිසිසේත්ම ආගමක් නෙවෙයි. මේ වෙද්දී ආගමක් වෙලා තිබුණත්. සිද්ධාර්ථ ජීවත් වුණ කාලයේත් සමහරු සූර්යයාට වැන්දා, තවත් සමහරු චන්ද්‍රයාට වැන්දා, තවත් සමහරු ගස්කොළන්වලට වැන්දා. විවිධ පුද්ගලයන් සරණ ගියා. ඒවා ප‍්‍රතික්ෂේප කරමින් තමා බුද්ධ ධර්මය නිර්මාණය වෙන්නේ. සිද්ධාර්ථ කියන්නේ නිකන්ම නිකන් කම්සැප වින්ද කෙනෙක් නෙවෙයි. ඔහුට මාලිගා තුනක් තිබුණු බව කියනවා. සියලූ සම්පත් තිබුණා. කැමති විදියට පරිහරණය කරන්න සුරූපී කන්‍යාවන් හිටියා. සිද්ධාර්ථ ගිහිගෙයි කලකිරිලා ගියා කීවාම ප‍්‍රශ්නයක් මතුවෙනවා කොහොමද කලකිරෙන්නේ කියලා. විචාරාත්මකව කල්පනා කරලා බැලූවාම පේනවා ඔහු කලකිරුණේ නෑ කියලා. ඔහු හිතුවේ මේ සැප හැමදාම විඳින්නේ කොහොමද කියලා. මහලූ වුණොත්, ලෙඩ වුණොත් තරුණකම, නිරෝගීභාවය නැති වුණොත් කම්සැප විඳින්න බැරි වෙනවා. මම හිතන්නෑ සිද්ධාර්ථ කාමභෝගී කුමාරයාට සසරින් එතෙර වීම වගේ දෙයක් ඒ වෙලාවේ හිතන්න පුළුවන්කම තිබුණා කියලා. ඔහු ඒ කාලයේ සිටි තවුසන් ළඟට ගිහින් ඔවුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කරලා, ප‍්‍රගුණ කරලා අවසානයේ තනියම භාවනා කරනවා. අපි ප‍්‍රශ්නෙකට උත්තරය හොයන්නේ එළියෙන්. බාහිර බලවේගවලින්. ආගම කියන්නේ ඒකයි.

    සියල්ල කියවන්න

සදහම් ලිපි


ආණ්ඩුක‍්‍රමය හා බුද්ධාගම 2016.02.28 රාවය

ආණ්ඩුක‍්‍රමය හා බුද්ධාගම යන තේමාව ඔස්සේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මහනුවර වජිරබුද්ධි හිමියන් විසින් පසුගියදා ප‍්‍රසිද්ධ දේශන දෙකක් පවත්වන ලදි. මේ එහිදී වසර ගණනාවක් තිස්සේ වනගතව බුද්ධ ධර්මය අධ්‍යයනය කරමින් භාවනාවේ යෙදී සිටින මහනුවර වජිරබුද්ධි හිමියන් පැවැත්වූ දේශනයේ සංක්ෂිප්ත සටහනකි.

කියවන්න

නමස්කාර සඟරාව - 2014 සැප්තැම්බර්

අපි කවුරුත් දන්නව බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙලා බෝ මැඬ අසලදීම සති කිහිපයක් ගත කරලා, උන් වහන්සේ අවබෝධ කරපු ධර්මය විශේෂ පරීක්ෂාවට ලක් කරලා උන් වහන්සේ තීරණය කරනව 'මම සත්‍ය අවබෝධ කරගත්තා. මම දුකින් නිදහස් වුණා. මගේ සසර ගමන අවසාන කළා. දැන් මේ සදහම් මග මම දුකින් තැවෙන සත්ත්වයාට දේශනා කරන්ට ඕන' කියල.

කියවන්න

නමස්කාර සඟරාව - 2014 ඔක්තෝබර්

මොකක්ද 'සම්මා දිට්ඨිය' කියල කියන්නේ? 'දුක්ඛේ ඤාණං' පළවෙනි එක; දුක පිළිබඳ දැනීම අවබෝධය. ඊළඟට 'දුක්ඛ සමුදයේ ඤාණං' දුකට හේතුව මොකක්ද කියල, ඒ පිළිබඳ ඇති කරගන්නා දැනුම; ආරම්භක වශයෙන් ඇති කරගන්නා දැනුම. ඊළඟට 'දුක්ඛ නිරෝධේ ඤාණං' දුක නැති කරගැනීම පිළිබඳ දැනුම. ඊළඟට 'දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං' දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම.

කියවන්න

නමස්කාර සඟරාව - 2014 නොවැම්බර්

මොකක්ද මේ සම්මා සංකප්ප. පළමුවෙනි-එක තමයි නෙක්ඛම්ම සංකල්පනා. අපේ හිතේ තියෙන්නෙ කාම සංකල්පනා. අපි තීරණය කරනව එයින් මිදෙන්ට, නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්ට. කාමයන්ගෙන් ඉවත් වෙනව. දැන් මේක අතහරිනව.

කියවන්න

නමස්කාර සඟරාව - 2014 දෙසැම්බර්

බොහෝ වෙලාවට දානයක් දීල ප්‍රාර්ථනා කරනව නෙ දෙව්-මිනිස් සැප? නිදුක්-නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව. එතකොට අත්හැරීම නම් ප්‍රාර්ථනා කළත් නැවත තෘෂ්ණාවට යනව. අපි ප්‍රාර්ථනා කරන්ට ඕන නෑ. ඒ දෙන දේ ආනිසංස තියෙනව.

කියවන්න

නමස්කාර සඟරාව -2015 ජනවාරි

අපි දස අකුසල් තියෙනව කියල අහල තියෙනව. කයෙන් කරන අකුසල්: තුනක් ඔය ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කරුණු හතරයි.

කියවන්න

නමස්කාර සඟරාව - 2015 පෙබරවාරි

අපි බලමු මොනවද අකුසල් කියල. දන්නවද අකුසල් මොනවද කියල? බුදු හාමුදුරුවො අදහස් කළේ ප්‍රාණඝාතයෙන් වැළකීමද? දැන් හුඟක් අය හිතනව මේ අකුසලය කියල කියන්නෙ ප්‍රාණඝාතය කියන-එක, අදත්තාදානය වගේය, ඉතින් කුසල් කියන්නෙ ඒවායින් වැළකීමය කියල. එහෙම කියපු තැනුත් තියෙනව බුද්ධ දේශනාවෙ.

කියවන්න

නමස්කාර සඟරාව - 2015 මාර්තු

සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන කොට මොකද වෙන්නෙ අපට? සති සම්බොජ්ඣංගය වැඩෙනව. සිහිය දිගින් දිගට දිගින් දිගට එහෙම පවත්වගෙන යන කොට මොකද වෙන්නෙ? ලෝකයේ යථා ස්වරූපය දකින්ට පටන් ගන්නව. ඇති වීම - නැති වීම දකිනව. මොකෙන්ද දකින්නෙ? නුවණින්; නුවණැසින්. ධම්මවිචය: ඇති වීම-නැති වීම, ඊළඟට ඒක දිගින් දිගට තව වඩාගෙන යන කොට ....

කියවන්න

දේශනා

නව සාකච්ඡා/දේශනා
සියලු ධර්ම දේශනා
කාලීන සාකච්ඡා

ප්‍රකාශන


අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන් විසින් දේශනා කල "සසර දුක් ගිනි නිවන සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන දේශනා ඇතුලත් "ගෙෳතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" (ISBN 978-955-30-1089-6) ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය 2008 වර්ශයේදී එලි දක්වන ලදී. ඇස්. ගොඬගේ සහ සහෝදරයෝ විසින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථය දිවයින පුරා ඇති පොත්ශාලා වලින් ලඛා ගත හැක.

විද්‍යුත් ග්‍රන්ථය බාගත කරගන්න

The book "The Path to Nibbāna as Declared by the Gautama Buddha" (ISBN : 978-955-52-4240-0) contains the English translation of 4 Dhamma sermons (i.e. The Pristine Dhamma-Magga to End the Dukkha of Saṃsāra, The World - Lõka, Saddhã, Buddha Sãsana ) conducted by the Most Venerable Mahanuwara Wajirabuddhi Thero.

Download Online book here